Thursday, November 19, 2009


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
යෝ සීලවා සීලවන්තේසු දදාති දානං - ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ අභිසද්ධහං කම්ම ඵලං උළාරං - තං වේදානං විපුල ඵලංති භ්‍රෑමීති


ශ්‍රද්ධාවන්ත පින්වතුනි !

තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභඬග සූත්‍රයේ අවසාන ගාථාවයි, ධර්ම දේශනාව සදහා ඉදිරිපත් කරන්නට යෙදුනේ.

යෝ සීලවා - යම් කෙනෙක් සීලවන්තව

සීලවන්තේසූ දදාති දා නං - සීලවන්තයන් හට දානයක් දෙනවානම්

ධම්මේන ලද්ධං - දැහැමින් ලද දානයක් දෙනවානම්

සුපසන්න චිත්තෝ - අතිශයින්ම ප්‍රසන්න සිතින් යුතුව දානය දෙනවානම්

තං වේ දානං විපුල ඵලන්ති භ්‍රෑමී - එම දානය මහත් ඵල මහත් අනුසස් ගෙන දෙන දානයක් ය.


කියන එකයි ගාථාවේ තේරුම.

--මතු සම්බන්ධයි--

Wednesday, July 8, 2009

BEGINING

මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුතුය
දේශකයාණෝ : අතිපූජ්‍ය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

සංස්කරණය : පූජ්‍ය මොරගොල්ලේ සුමනයෝගී ස්වාමීන් වහන්සේ